General20 December 2017

ඩෝසර් කළ දාගැබ ළඟට ගිය පොලිසිය

සාම්පූර් - සුඩකුඩා ප්‍රදේශයේදී අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැලකෙන දාගැබක් ඩෝසර් කොට බිමට සමතලා කිරිම සම්බන්ධයෙන් පොලීසිය සමඟ  එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.  

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විසින් පසුගිය දින කිහිපයේ සිදු කළ කැනිම් වලදීයි මෙම දාගැබ සොයා ගනු ලැබුවේ.

කෙසේ වෙතත් එය කිසියම් පිරිසක් විසින් පසුගිය 18 වනදා ඩෝසර් කර විනාශ කර ඇති බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ වන විට එම ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව ත්‍රිකුණාමලය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ සුමනදාස ප්‍රකාශ කළා.

Related recommendation
Hiru TV News | Programmes