General27 January 2018

සන්නිවේදන චන්ද්‍රිකා දෙකක් උඩු ගුවනට

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට සන්නිවේදන චන්ද්‍රිකා දෙකක් අභ්‍යාවකාශගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ලබන වසරේදී ජපානයේ කියුටෙක් ආයතනයේ සහාය ඇතිව එක් නැනෝ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයට යවන බවයි.

අනෙක් චන්ද්‍රිකාව 2020 වසරේදී රුසියාවේ සහාය ඇතිව අභ්‍යාවකාශගත කරන බවයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට නම් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම, සන්නිවේදන, වාරිමාර්ග හා පාරිසරික ක්ෂේත්‍ර කෙරෙහි වඩා වැඩි විද්‍යා තාක්ෂණ සහසම්බන්ධතාවක් ගොඩනැගිය යුතු බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අදහසයි.  

මේ අතර, මේ වසරේ පළමු පූර්ණ චන්ද්‍රග්‍රහණය ලබන 31 වන දාට යෙදෙන නවම් පුර පසළොස්වක පොහොය දා දැක ගත හැකි බව තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙනවා.


Related recommendation
Hiru TV News | Programmes