General02 February 2018

සිසුවෙකුට දඬුවම් කළැයි ගුරුවරයෙකුට 6 දෙනෙකු පහරදෙයි

කල්පිටිය - ආලංකුඩා මුස්ලිම් විද්‍යාලයේ ගුරුවරයෙකු සිසුවෙකුට දඬුවම් කළ බවට කුපිත වූ පුද්ගලයන් 6 දෙනෙකු පාසලට කඩා වැදී එම ගුරුවරයාට පහරදී ඇති බව වාර්තා වනවා.

එම විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරයා ලෙස කටයුතු කරන ගුරුවරයෙකුයි මෙලෙස පහරකෑමට ලක්වී ඇත්තේ.

අදාළ ගුරුවරයා රෝහල් ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් ලැබූ බව කියන සිසුවාගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහ නොරොච්චෝලේ පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

රෝහල් ගතව සිටින ගුරුවරයා පොලීසියට සඳහන් කර ඇත්තේ අදාළ සිසුවා සිසුවියන්ට නොහොබිනා ආකාරයෙන් උසුලූ විසුලූ කිරීම නිසා ඔහුට අවවාද කළ බවත්, එයින් පළක් නොවූ නිසා දඬුවම් කළ බවයි.
Related recommendation
Hiru TV News | Programmes