General02 April 2018

ආගමන විගමන නිලධාරීන්ගේ විවේකාගාර තුළ සිදුවූ විදෙස් මත්පැන් ජාවාරමක් ගැන හිරු සී.අයි.ඒ. හෙළිකරගනී (ඡායාරූප)

රජයට කෝටි ගණනක ආදායමක් අහිමි කරමින් දීර්ඝ කාලයක සිට ආගමන විගමන නිලධාරීන්ගේ කටුනායක ගුවන් තොටුපලේ පිහිටි විවේකාගාරය තුළ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ගබඩාවක් අනාවරණ කර ගැනීමට හිරු ටී.වී. සී.අයි.ඒ. කණ්ඩායම සමත් වී තිබෙනවා.

සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදීයි අදාළ මත්පැන් ගබඩාව පිළිබද තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මිලෙන් අධික වටිනාකමකින් යුත් සැර මත්පැන් මෙලෙස ආගමන විගමන නිලධාරීන්ගේ විවේකාගාර තුළ සඟවා තබා තිබෙනවා.

එලෙස සගවා තිබූ මත්පැන් බෝතල් 250කට අධික තොගයක් සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.

මෙම මත්පැන් බෝතලයක් රුපියල් 8000කට වැඩි මුදලකට අලෙවි කර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

මෙහි සියළු දර්ශන සහිත වැඩිදුර තොරතුරු අද (02) හිරු ටී.වී. සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් විකාශය වීමට නියමිතයි.



Related recommendation
Hiru TV News | Programmes