General23 April 2018

හිනිදුම දී මවක් දරුවා ඝාතනය කර, සිය දිවි හානි කර ගනී

හිනිදුම - ඇලඉහළ - හබරකඩ ප්‍රදේශයේ මවක්, මාස දහයක් වයසැති කුඩා බිළිදා ඝාතනය කර ඇය ද සිය දිවි හානි කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 32 හැවිරිදි තිදරු මවක් වන මෙම කාන්තාව, බිළිදා ඝාතනය කර නිවසේ කාමරයක් තුළ ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි.

මෙම කාන්තාව මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබාගනිමින් සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

ඇයගේ සැමියා වෘත්තියෙන් පෙදරේරුවෙකු වන අතර සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඔහු සහ අනෙක් දරුවන් දෙදෙනා නිවසේ රැදී සිට නැහැ.

Related recommendation
Hiru TV News | Programmes