රුපියල් නව කෝටි පනස් ලක්ෂය ඉක්ම වූ අනුරාධපුර - තලාව බැංකු කොල්ලයේ සැකකරුවන් හඳුනාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊට අදාළ සැකකරුවන් ඉදිරි දින දෙක තුළ අත්අඩංගුවට ගැනීමට හැකියාවක් පවතින බවයි.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් 8ක් යොදවා තිබෙනවා.
එමෙන්ම පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.
මේ අතර, කොල්ල කන ලද රාජ්‍ය බැංකුවේ කටයුතු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සඳහා ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා.
මහජනතාවට බාධාවකින් තොරව බැංකු කටයුතු සිදුකිරීම සඳහා ජංගම රථයක් මගින් බැංකු කටයුතු ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.
කොල්ල කන ලද රාජ්‍ය බැංකුව සඳහා මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද ලබාදී තිබෙනවා.
තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවකින් සොරා ගන්නා ලද රන් භාණ්ඩ සහ මුදල්වල වටිනාකම දැනට රුපියල් නව කෝටි පනස් ලක්ෂයක් ලෙස තක්සේරු කර තිබෙනවා.
පසුගිය 29 වනදා පස්වරු 6.40ත් ඊයේ උදෑසන 7.10ත් අතර කාලයේදී මෙම සොරකම සිදුව ඇති අතර එහිදී සොරාගන්නා ලද මුදල්වල වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වනවා.
එමෙන්ම බැංකුවේ උකසට ගෙන තිබූ කිලෝ 22 ග්‍රෑම් 806 බර රන් භාණ්ඩ ද සොරුන් රැගෙන ගොස් ඇති අතර එහි වටිනාකම රුපියල් හත් කෝටි අසූ ලක්ෂයකට ආසන්නයි.
බැංකුවෙහි පිටුපස දොර කඩා කොල්ලකරුවන් ඊට ඇතුළු වී ඇති අතර, පසුව එහි තිබූ සේප්පු 3ක් කඩා විවෘත කොට මෙම මුදල් සහ රන් ආභරණ කොල්ල කා තිබෙනවා.
බැංකුවෙහි සවි කර තිබූ ආරක්ෂක සංඥා පද්ධතිය සහ කැමරා පද්ධතිය ද ගලවාගෙන ගොස් ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

Latest News
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04
Local
06 September 2026
73 වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලාට
Local
05 September 2026
දෙහි බාලේ මල්ලිගේ ජාලයේ දැවැන්ත ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි : දෙදෙනෙක් අත්අඩංගුවට
Local
05 September 2026
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ
Local
05 September 2026
ලෝක ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් කිරුළ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ තරග බිමට
Local
05 September 2026
අමෙරිකානු යුද නැව්වලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර: අමෙරිකාවෙන් ප්‍රතිප්‍රහාර දී ඉරාන තෙල් නැව් 3ක් විනාශ කරයි
Local
05 September 2026
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි තවත් තිදෙනෙක් මුදාගැනේ
Local
05 September 2026
නේපාලයේ ආපදාවෙන් දින 10ක් උමගක සිරවී සිටි චීන ජාතිකයා බේරාගැනේ
Local
05 September 2026
බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි
Local
05 September 2026
ඉතාලි ෆෝමියුලා තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරෙන් යෙවාන් ඩේවිඩ්ට 4 වැනි ස්ථානය
Local
05 September 2026