International08 January 2020

ඉරානයේදී සිදුවූ ගුවන් අනතුර ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව යුක්රේන තානාපති කාර්යාලය කියයි

ඉරානයේ - ටෙහෙරාන් අගනුවරට නිරිත දිග ප්‍රදේශයකදී යුක්රේන යානයක් අනතුරට පත්වීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව ටෙහෙරානයේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලය පවසනවා.

යානයේ එන්ජිමේ හට ගත් දෝෂයක් ඊට හේතුවී ඇති බවයි එම තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ.

යුක්රේන යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 180 දෙනාම අනතුරින් මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය තහවුරු කළා.
Related recommendation
Hiru TV News | Programmes