General22 January 2020

කොරෝනා වෛරසය හඳුනාගැනීමට යන්ත්‍ර 3ක් කටුනායක ගුවන් තොටුපලේ

චීනය පුරා මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය මෙරටට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා විශේෂ ස්වයංක්‍රිය යන්ත්‍ර 3ක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කර තිබෙනවා.

මෙම යන්ත්‍ර මගින් ගුවන් මගීන්ගේ සිරුරුවල උෂ්ණත්වය මැන වාර්තා කළ හැකි අතර, රෝගී මගියෙකු ගුවන් තොටුපල සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත වාර්තා කළහොත් ඔවුන් කඩිනමින් අයි.ඩී.එච්. උණ රෝහල වෙත යොමු කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

චීනයේ බීජිං, ගුවන්ෂෝ සහ චෙන්ඩු යන ජාත්‍යන්තර ගුවන් තොටුපළවල සිට මගීන් දහසක් පමණ රැගත් ගුවන් යානා 4ක් දිනපතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙනවා.
Related recommendation
Hiru TV News | Programmes