General14 March 2020

සඳුදා (16) බැංකු, වෙළඳ සහ රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ

කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම සැළකිල්ලට ගනිමින් එළඹෙන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඔහු සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය පරිදි අදාළ තීරණය ගත් බවයි.

මේ අතර සඳුදා දිනය බැංකු  සහ වෙළඳ  නිවාඩු දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කරන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.



Related recommendation
Hiru TV News | Programmes