General22 March 2020

සියලුම මගී ගුවන්යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම්

කොවිඩ් 19 - හෙවත් නව කොරෝනා වෛරසය විදෙස් රටවල සිට ශ්‍රී ලංකාව තුළට ඇතුලුවීම නතර කිරීම සඳහා සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය, සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු කවර හේතුවක් මත හෝ මෙම තීරණය රජය විසින් ලිහිල් නොකරන බවයි.

මේ අතර වෙළඳ නෞකාවල සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් මගින් නව කොරෝනා වෛරසය රට තුළට ඇතුලුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිලිවෙලක් දියත් කර තිබෙනවා.

දිවයිනට ගොඩබසින විදේශීය සමුද්‍ර ආරක්ෂක නිලධාරීීන් සහ ඔවුන් සමඟ ඍජුව ගණුදෙනු කරන දේශීය නියෝජිතයින්, නාවික හමුදාව මගින් ගාල්ල - බූස්ස නාවික හමුදා කඳවුරේ ඉදි කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා පූර්ණ නිරෝධායනයකට ලක් කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

දින කිහිපයක් සඳහා පැමිණෙන සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් තෝරාගත් නවාතැන්පලවල් 3 ක නාවික හමුදා ආරක්ෂාව යටතේ ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද කටයුතු කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes