General03 April 2020

ශ්‍රී ලංකාවට හදිසි මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුවේ අනුුමැතිය

කොවිඩ් 19 ගෝලීය වසංගතයට මුහුණදීම සඳහා හදිසි මූල්‍යාධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 128.6ක් ලබාදීමට ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

කොවිඩ් 19 ආසාදිතයන් හඳුනා ගැනීමටත්, ව්‍යාප්තිය වළක්වා ගැනීමටත්, ඒ සඳහා සෞඛ්‍ය සේවකයින් සහ මහජනතාව සූදානම් කරලීමටත්, අදාළ මූල්‍යාධාරය යොදා ගැනෙනු ඇති.

එමගින් ශ්‍රී ලංකාවේ ජනතාව අතර වෛරසයේ ව්‍යාප්තිය අවම කරලීමට ඉඩ සැලසෙන අතර, ආසාදිත සංඛ්‍යාව අවම කරලීමටත්, ප්‍රජාවන් අතර, පැතිරීම වළක්වා ගැනීමටත් ඉඩ ලැබෙනු ඇති බවයි ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා ඉඩා ස්වරායි ප්‍රකාශ කළේ.

සංවර්ධනය වෙමින් පවත්නා රටවලට කොවිඩ් 19 ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක හදිසි අරමුදලක් වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉන් ඩොලර බිලියනයක් වෙන් කර ඇත්තේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීමට දැඩි පරිශ්‍රමයක නිරත වන මිලියන 1.3ක ජනගහනයක් සහිත ඉන්දියාවටයි.
Related recommendation
Hiru TV News | Programmes