General09 April 2020

සමෘද්ධිලාභීන්ට දුන් 5000 ණය, ආධාරයක් කරයි

සමෘද්ධිලාභීන්ට ලබාදුන් රුපියල් පන්දහසේ ණය මුදල, ආධාරයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ සමෘද්ධිලාභීන්ට රුපියල් දස දහසක ණය මුදලක් ලබාදීමට මීට පෙර රජය තීරණය කළ බවයි.

ඒ අනුව ප්‍රථමයෙන් රුපියල් 5000ක් ඔවුන්ට ලබාදී ඇති අතර, එය රජය විසින් දුන් ආධාරයක් බවට පත් කිරීමටයි රජය කටයුතු කර ඇත්තේ.

එමෙන්ම, කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා යුරෝපා සංගමයෙන් මෙරටට රුපියල් කෝටි 462ක් ප්‍රදානයක් ලබාදී තිබෙනවා.

එය වෛද්‍ය උපකරණ හා වෛද්‍ය පර්යේෂණාගාර පහසුකම් වැඩිදියුණු කිරීම සහ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා වෙන් කර ඇති බවයි යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Related Recommends
Hiru TV News | Programmes