General18 May 2020

දෙමළ ඊලාම් සයිබර් ආම් නම් සංවිධානයෙන් හිරුට සයිබර් ප්‍රහාරයක් (වීඩියෝ)

විජයග්‍රහණ සැමරුම ඉලක්ක කර ගනිමින්, එල්. ටී. ටී. ඊ. හිතවාදී 'දෙමළ ඊලාම් සයිබර් ආම්' නම් සංවිධානයක් මගින්, මෙරට වැඩිම පරිශීලකයන් පිරිසක් සිටින ශ්‍රී ලංකාවේ අංක එකේ වෙබ් අඩවිය වන, hirunews.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද (18) උදෑසන අදාළ සයිබර් ප්‍රහාරය hirunews.lk වෙබ් අඩවිය ඉලක්ක කර එල්ල කර ඇති බවයි ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂණ අංශය සඳහන් කළේ.

බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී මැයි 19 වනදා පැවැත්වෙන, 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුමේදී, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ සියලු රණවිරුවන්ට උපහාර පිදීමට නියමිතයි.

යුද නාවික හා ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුහි සේවය කර,රට වෙනුවෙන් දිවිපිදු දේශප්‍රේමී විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරීනැමීම එහිදී සිදු කෙරෙනවා.

Related recommendation
Hiru TV News | Programmes