General25 July 2013

සූරියන් එෆ්.එම්. 15 වන සංවත්සරය සමරයි.

ආසියානු ගුවන් විදුලි ජාලයේ හිරු එෆ්.එම්. සහෝදර දෙමළ නාළිකාව වන සූරියන් එෆ්.එම් සිය 15 වන සංවත්සරය අද සමරනවා. ඒ වෙනුවෙන් රට පුරා විසිරී සිටින සූරියන් එෆ්.එම්. දෙමළ ශ්‍රාවකයන් වෙත ගුවනින් තෑගි ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද ක්‍රියාත්මකයි. ලෝක ඉතිහාසයේ දෙමළ ගුවන් විදුලි නාලිකාවක් ගුවනින් තෑගි ලබාදීමක් සිදුකරන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ පූර්ණ අධීක්ෂණය යටතේ දෙමළ ශ්‍රාවක හිතවතුන් වෙනුවෙන් සූරියන් එෆ්.එම්.  සෑම වසරක් පාසාම මෙවැනි නව වැඩසටහන් රැගෙන එනවා.  ඒ අනුව අද පෙරවරුවේ සිට රට පුරා විසිරුණු සූරියන් එෆ්.එම්. ශ්‍රාවකයන් වෙනුවෙන් ගුවනින් තෑගි ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සියළු කටයුතු සූදානම්.

Related recommendation
Hiru TV News | Programmes