මැයි මාසයේ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

Wednesday, 08 June 2016 - 13:41

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය මැයි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 10 යි දශම 1 කින් වර්ධනය වී තිබෙනවා.

චීන සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාම ඊට හේතුවයි.

මැයි මාසයේදී චීන සංචාරකයින්ගේ පැමිණීම සියයට 31 යි දශම 5 කින් වර්ධනය වී ඇති අතර, ඉන්දියානු සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය 7 යි දශම 9 ක්.

මුල් මාස 5 තුළදී මෙරටට පැමිණි චීන සංචාරකයින් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ දත්තවලට අනුව එලෙස පැමිණි චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව අටලක්ෂ 46,229ක්.