Business02 April 2018

තෙල් සංස්ථාවට දිනකට මිලියන 38ක පාඩුවක්

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඛන්ඩව ඉහළ යාමත් සමඟ මෙරට තෙල් මිල ස්ථාවරව පවත්වාගැනීම හේතුවෙන් දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක් ලබන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ලෝක වෙළඳපොලේ මිල තත්ත්වයන් අනුව අයි.ඕ.සී. සමාගම පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමුවද ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වල මෙතෙක් වෙනසක් සිදුකර නැහැ.

එමෙන්ම මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමට පාරිභෝගිකයන් යොමුවීමේ වැඩි ප්‍රවණතාවක්ද නිරීක්ෂණය කර ඇති බවයි එම සංස්ථාව සඳහන් කළේ.

කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ පවතින මිල තත්ත්වයන් මත ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වාදීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුවී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes