ලොවම බලාසිටි දීපිකාගේ අලුත්ම වීඩියෝව එලියට එයි

Wednesday, 02 November 2016 - 10:58

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
සුරූපී බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් රංගනයන් දායකවන xXx The Return of Xander Cage  චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරකපටය ඊයේ දිනයේ නිකුත් වුනා.

මෙම චිත්‍රපට මාලාවේ ආරම්භයේ සිටම ප්‍රධාන චරිතයට රංගනයන් දායක වූ හොලිවුඩ් සුපිරි නළු Vin Diesel මෙවරද xXx The Return of Xander Cage
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පනපොවනවා.

Vin Dieselට අමතරව Nina Dobrev , Samuel L.Jackson , Donnie Yen , Tony Jaa වැනි සුපිරි නළු නිළියන් මෙම නිර්මාණයට රංගනයන් දයකවී ඇතැයි සදහන්.

හොලිවුඩ්  අධ්‍යක්ෂ D.J. Carusoගේ අධ්‍යක්ෂනයෙන් නිමවූ මෙය  2017  ජනවාරි 20වනදා සිට ප්‍රදර්ශනය  ආරම්භ වීමට කටයුතු සුදානම්කර ඇතිබවයි හොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය ලොවපුරා  ප්‍රක්ෂකයන්ගේ වැඩි අවදානයකට ලක්වෙතැයි විචාරකයන් පවසනවා.