මහ කන්නයේ වී අස්වැන්න අඩුවෙයි ?

Sunday, 18 December 2016 - 9:11

%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
මෙවර මහ කන්නයේ වී අස්වැන්න කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

වසර 5 කින් දරුණුතම නියඟයට රට මුහුණදීම ඊට ප්‍රධාන හේතුවයි.

දෙසැම්බර් මාසය ආරම්භ වනවිට මහ කන්නයේ වගා කළ හැකි කුඹුරු අක්කර හත්ලක්ෂ තිස් දහසින් සියයට 30 ක පමණක් වගා කටයුතු සිදු කර ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මහ කන්නයේ අස්වැන්න මෙලෙස අඩාලවීමක් 2012 වසරේදීද දක්නට ලැබුණා.

වර්ෂාව නොමැතිවීම හේතුවෙන් විශාල ජලාශ 73 මගින් ජලය සැපයීමට හැකිවී ඇත්තේ වී වගා කළ හැකි බිම්වලින් සියයට 30 කට පමණයි.

කුඩා වැව් 14 500 කින් සියයට 10කට පමණක් ජලය සැපයීමට හැකිවී තිබෙනවා.