ෆිච් සහ එස්. ඇන්ඩ් පී. ශ්‍රේණිගත කිරීම් අසාධාරණ බව මහ බැංකුව කියයි

Wednesday, 05 December 2018 - 7:30

%E0%B7%86%E0%B7%92%E0%B6%A0%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93.+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රේණිගත කිරීම් ආයතනවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නවතම ශ්‍රේණිගතකිරීම් පිළිබදව එකඟ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

ඒ අනුව ෆිච් රේටින්ග්ස් සහ එස්.ඇන්ඩ් පී. ග්ලෝබල් රේටින්ග්ස් දර්ශක සාර්ව ආර්ථික මූලධර්මවලට පටහැනිව ගණනය කර ඇති බවයි මහ බැංකුව කියා සිටියේ.

ඔවුන් විදේශීය ණය ශ්‍රේණි ගතකිරීම්වලදී ශ්‍රී ලංකාව බී ප්ලස් මට්ටමේ සිට බී මට්ටම දක්වා පහත හෙළීමට කටයුතු කර තිබුණා.

මහ බැංකුව පවසන්නේ මෑත කාලීන දේශපාලන ප්‍රවණතා හමුවේ වුවද ණය ආපසු ගෙවීමේ වගකීම් ඇතුලු බලපෑම් අවම කිරීමට ශ්‍රී ලංකාව පියවර රැසක් ගෙන ඇති බවයි.

ඊට අදාළ ආර්ථික දත්තයන්ද මහ බැංකුව විස්තරාත්මකව ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය අංශය දේශීය හා විදේශීය අවදානම්වලට සාර්ථකව මුහුණ දීමට හැකි මට්ටමේ පවතින අතර, බැංකු අංශය දැඩි අධීක්ෂණ යටතේ පවතින බවද මෙම ශ්‍රේණි ගතකිරීම් සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව අදාළ ආයතන දෙකේ නව ශ්‍රේණි ගතකිරීම් සාධාරණ නොවන බවයි මහ බැංකුව පවසන්නේ.