අෆ්රිඩිගේ කොන්ත්‍රාත්තුව අවසන්

Friday, 28 October 2016 - 7:59

%E0%B6%85%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%A9%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
පාකිස්ථාන ක්‍රිකට් පිලේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ප්‍රවීන ක්‍රීඩක ෂහීඞ් අෆ්රිඩිගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකිරීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

හිටපු ටෙස්ට් එක්දින සහ විස්සයි විස්ස නායකයෙකු වන අෆ්රිඩි පසුගිය කොන්ත්‍රාත්තුව යටතේ වර්ග කර තිබුණේ වැඩිම ප්‍රතිලාභ හිමිවන ඒ කාණ්ඩය යටතේයි.

අෆ්රිඩිට අමතරව, සයීඞ් අජ්මාල් ද මෙවර පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල කොන්ත්‍රාත් ලැයිස්තුවට ඇතුළත් කර නැහැ.