එංගලන්තයට ජය

Monday, 26 June 2017 - 9:03

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය 3 ට 2ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ පැවති අවසන් සහ තුන්වන විස්සයි විස්ස තරගය ලකුණු 19 කින් ජයගනිමින්.

කාර්ඩිෆ් හි පැවති අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුල 08 ක් බිද වැටී ලකුණු 181 ක්  රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කල දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් බිඳවැටි ලබා ගත හැකිවුයේ ලකුණු 162ක් පමණයි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.