මාලිංග කියු දෙයක් ගැන පරීක්ෂණයට කමිටුවක්

Tuesday, 19 September 2017 - 17:57

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කළ ප්‍රකාශයක් පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීමට කමිටුවක් පත් කළ බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ නව තේරීම් කමිටු සාමාජිකයන් අද අමාත්‍යංශයේදී හමුවු අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නව මගකට යොමු කරවීම පිළිබඳ පැවති වැඩමුලුවේ දී ලසිත් මාලිංග තණතීරු සැකසීමේ දී සිදුවන අක්‍රමිකතාවක් පිළිබඳ හෙළිකර තිබුනා.

අදාළ කරුණ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුව පත්කර ඇති අතර ඊට ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ද ඇතුලත්.

පසුගිය ඉන්දීය තරග සංචාරයේදී තණ තීරු සැකසීමේ අක්‍රමිකතාව සිදුව ඇති බවටයි ලසිත් මාලිංග පෙන්වාදී තිබුනේ.

ලසිත් මාලිංග එහිදී පවසා සිටියේ ක්‍රීඩා කිරීමට තණකොළ සහිත විකට්‌ටුවක් ඉල්ලූ අවස්ථාවලදී තණකොළ කපා දැමූ විකට්ටු ලබා දෙන බවත් ක්‍රීඩකයන් ඒ සම්බන්ධයෙන් විමසු බවයි.

ක්‍රීඩකයන්ට අවශ්‍ය ආකාරයට ක්‍රීඩා කිරීමට අවශ්‍ය වන පහසුකම් නොලැබීම හේතුවෙන් ක්‍රීඩකයන්ගේ විශ්වාසය බිඳී යන බව මාලිංග එහිදී කියා සිටියා.

මෙහිදී පුහුණුකරුවන් තෝරා ගැනීම පිළිබඳව ද මාලිංග අදහස් පලකලා.

ඒ සම්බන්ධයෙන් ඔහු පවසා සිටියේ මෙවැන්නක්,  \"අපිට පුහුණුකරුවන් ගොඩක්‌ ඉන්නවා. නමුත් අපට සුදුසු පුහුණුකරුවන් ඉන්නවද කියලා ක්‍රීඩකයන්ගෙන් ඇසිය යුතුයි.\"

\"ඔහු පළමු පෙළ ක්‍රීඩා කර ඇත්තේ තරඟ 16යි, හොඳ පළපුරුද්දක්‌ නැති පුහුණුකරුවකු සමඟ අපේ ක්‍රිකට්‌ අනාගතය කුමක්‌ සිදුවේද ?\"

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ දක්ෂතා කළමනාකරු සයිමන් විලී පිළිබදව ඔහු ප්‍රශ්න කළේ එලෙසින්.

පළමු පෙළ තරඟවලදී සයිමන් විලී ලකුණු 100 කටත් අඩුවෙන් රැස් කරගෙන ඇති බවයි මාලිංග කියා සිටියේ.

ජාතික කණ්ඩායමෙන් ක්‍රීඩකයෙකු එළියට ගය අවස්ථාවක පුහුණුවීම් සිදුකර නැවත කණ්ඩායම තුලට පැමිණීමට නිසි ක්‍රමවේදයක්‌ නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය වසර දහයක කාලය තුල  ශ්‍රී ලංකාවට අහිමි වූ ක්‍රීඩකයන් ප්‍රමාණය අනුව ජාතික කණ්‌ඩායමට සුදුස්‌සකු සොයා ගැනීම ඉතා දුෂ්කර වී ඇති බවද මාලිංග පෙන්වා දෙනවා.

මෙහිදී ජෙහාන් මුබාරක්‌, තිළිණ කණ්‌ඩම්බි, මලින්ද වර්ණපුර,  කෞෂාල් ලොකුආරච්චි, කෞෂාල් වීරරත්න වැනි ක්‍රීඩයන් පළමු පෙළ අත්දැකීම් ලබා තිබූ ක්‍රීඩකයන් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වී සිටීම සම්බන්ධයෙන්ද මාලිංග අදහස් දක්වා සිටියා.

ඔහු කියා සිටියේ මෙවැනි අත්දැකීම් ඇති ක්‍රීඩකයින් මේ වන තෙක් සිටියා නම් ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයකුට ආදේශ කිරීමට අවස්ථාව තිබු බවයි.