මැතිව්ස්ට පකිස්ථානය සමග පළමු ටෙස්ට තරගය අහිමි වෙයි

Wednesday, 20 September 2017 - 16:23

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පකිස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඇන්ජෙලෝ මැතිව්ස්ට අහිමිවී තිබෙනවා.

ඒ පාදයේ ආබාධයක් හේතුවෙන්.

මෙම ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවට සුවිශේෂී අත්දැකීමක් ද එක් කරනවා.

ඒ ශ්‍රී ලංකාව පළමු වරට දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට සහභාගී වීමයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර ටෙස්ට් තරග 2 ක් පැවැත්වෙන අතර ඒවා පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.

දෙරට අතර පළමු තරගය ලබන 28 වනදා ආරම්භ වනවා.

ඒ අබුඩාබිහිදීයි. දෙවන තරගය පැවැත්වෙන්නේ ඩුබායිහිදීයි.

අනතුරුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර එක්දින තරග 5 ක් සහ 20 යි 20 තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අවසන් 20 යි 20 තරගය ලාහෝර් නුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය පදනම් වන්නේ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ලබාදෙන ආරක්ෂක වාර්තාව මතයි.