පාකිස්ථාන පළමු ඉනිම 422යි

Sunday, 01 October 2017 - 16:16

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+422%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පකිස්ථාන කණ්ඩායමේ පළමු ඉනිම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 422කට සිමා වුණා.

ඒ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 03ක් ඉදිරියෙන්.

තරඟයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 419ක් රැස් කළ අතර එහිදී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 155ක්,  දිමුත් කරුණාරත්න ලකුණු 93ක් සහ නිරෝෂන් දික්වැල්ල  ලකුණු 83ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වුණා.

පන්දු යැවීමේදී පකිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් අබ්බාස් සහ යසීර් ෂා කඩුලු 03 බැගින් බිඳහෙලුවා.

පළමු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු ක්‍රීඩකයි දැවී ලකුණු 422ක් ලබා ගත අතර එහිදී අසාර් අලී ලකුණු 85ක් සහ ශාන් මන්සුඩ් ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා.

මේ අතර පකිස්ථාන කණ්ඩායමේ මැද පෙළ පිතිකරු හැරිස් සොහිල් සමඟ එක්වූ පසු පෙළ පිතිකරුවන් පකිස්ථාන කණ්ඩායම ලකුණු 422ක් දක්වා ඉහළට ඔසවා තබන්නට  අද දිනයේදී සමත් වුණා.

එහිදී  හැරිස් සොහිල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 76ක්.

කඩුලු දවා ගැනීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් කඩුලු 05ක් බිඳ දැමීමට සමත්වූ අතර මෙය රංගන හේරත් ටෙස්ට් තරඟයකදී කඩුලු 05ක් දවාගත් 32වන අවස්ථාව වනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරඟය පැවැත්වෙන අතර තරඟයේ සිව්වන දිනය අදයි.