ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 40 දෙනෙකුගෙන් ක්‍රිකට් ආයතනයට ලිපියක්

Saturday, 14 October 2017 - 15:53

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+40+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පකිස්ථානය සමග පැවැත්වෙන 3 වන 20 යි 20 ක්‍රිකට් තරගය ලාහෝර් නුවරදී පැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳ යළි සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 40 දෙනෙකු ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් භාරදී තිබෙනවා.

එමෙන්ම එම තරගය වෙනත් ක්‍රීඩාංගණයක පැවැත්වීමට පියවර ගන්නා ලෙසටයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ලබන සඳුදා රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි.

2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැගත් බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමත් සමග පකිස්ථානයේ තරග පැවැත්වීමට කිසිදු කණ්ඩායමක් කැමැත්ත පළ කළේ නැහැ.

බස් රථයට ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණේ 2009 වසරේ මාර්තු 3 වනදායි.

වත්මන් කණ්ඩායමේ සාමාජිකයන් ද වන සුරංග ලක්මාල් සහ චාමර කපුගෙදර ද එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ බස් රථයේ රැඳී සිටියා.

ක්‍රීඩකයන්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කර ඇත්තේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම ආයතනයේ ප්‍රධාන වගකීම බවයි.