Sports13 April 2018

බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කම් දෙකක්

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 46 - 49 බර පන්තියේ බොක්සිං ඉසව්ව යටතේ තරඟ වැදුණු ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහට ලෝකඩ පදක්කම හිමිව තිබෙනවා.

අවසන් පූර්ව තරඟයට අද උදෑසන සහභාගි වූ තිවංක රණසිංහ එහිදී එංගලන්ත ක්‍රීඩක ගලාල් යෆායි හමුවේ පරාජයට පත්වුණා.

මීට අමතරව, කිලෝග්‍රෑම් 52 පිරිමි බර පන්තියේ අවසන් පූර්ව තරඟයේදී ඉන්දියාවේ ගෞරව් සොලාන්කි හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාරට හිමිවුණේ ලෝකඩ පදක්කමයි.
Related Recomands
Hiru TV News | Programmes