බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කම් දෙකක්

Friday, 13 April 2018 - 9:20

%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B6%89%E0%B7%83%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 46 - 49 බර පන්තියේ බොක්සිං ඉසව්ව යටතේ තරඟ වැදුණු ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහට ලෝකඩ පදක්කම හිමිව තිබෙනවා.

අවසන් පූර්ව තරඟයට අද උදෑසන සහභාගි වූ තිවංක රණසිංහ එහිදී එංගලන්ත ක්‍රීඩක ගලාල් යෆායි හමුවේ පරාජයට පත්වුණා.

මීට අමතරව, කිලෝග්‍රෑම් 52 පිරිමි බර පන්තියේ අවසන් පූර්ව තරඟයේදී ඉන්දියාවේ ගෞරව් සොලාන්කි හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාරට හිමිවුණේ ලෝකඩ පදක්කමයි.