අකිල ධනංජයට වසරක තරඟ තහනමක්

Thursday, 19 September 2019 - 17:46

%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD+%E0%B6%B0%E0%B6%B1%E0%B6%82%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පැනවිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවීම හේතුවෙන්.

නවසීලන්තය සමග පසුගියදා ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදි අකිල ධනංජයගේ පන්දු යැවීම සැක සහිත බවට එම තරඟයේ විනිසුරුවරුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණි කළා.

අනතුරුවයි, ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවරට ගොස් ඊට අදාළ පරීක්ෂණයට පෙනී සිටියේ.

මීට පෙරද 2018 වසරේ මෙම චෝදනාව යටතේ අකිල ධනංජයට තරග තහනමක් පැනවුණු අතර, යළි මේ වසරේ ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්වට අනුමැතිය හිමිවුුණා.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන අවශ්‍ය අනුමැතිය හිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

පාකිස්ථානයේ පවතින ආරක්ෂක හේතුන් මත තරගාවලිය සදහා ශ්‍රී ලංකා පිල සහභාගි කරවීම පැවතියේ අවිනිශ්්චිත තත්ත්වයකයි.

ඒ අනුව, සැලසුම් කල පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථාන සංචාරයේ නිරත වන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකාශ කළා.