Sports20 January 2020

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරණ, ලොව වේගවත්ම පන්දුව යවයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිළ නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පැයට කිලෝමීටර් 175ක වේගයකින් පන්දුවක් යවමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

ඒ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දකුණු අප්‍රිකාවේදී ඊයේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟයේදියි.

එම තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවද මතීෂගේ පන්දු යැවීම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල සියළුම මට්ටම් හි නව මානයක් ඇති කර තිබෙන බවයි ඉන්දියා ටුඬේ පුවත්පත සඳහන් කළේ.

කෙසේ නමුත්, මෙම වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙතෙක් තහවුරු කර නැහැ.

Related Recomands
Hiru TV News | Programmes