සිම්බාබ්වේ සමඟ දෙවන ටෙස්ට් තරගය හෙට

Sunday, 26 January 2020 - 6:32

%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
සිම්බාබ්වේ පිල සමඟ සඳුදා ආරම්භවන දෙවන ටෙස්ට් තරගය සඳහාද පළමු ටෙස්ට් තරගයට සහභාගිවූ කණ්ඩායම යොදාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අපේක්ෂා කරන බව හරාරේ නුවරින් වාර්තාවනවා.

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලූ 10 ක ජයක් වාර්තා කළ අතර, එහිදී ඇන්ජලෝ මැතිව්ස්ගේ ද්විත්ව ශතකයත්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණියගේ විශිෂ්ඨ පන්දු යැවීම කැපී පෙනුනා.

දෙවන ටෙස්ට් තරගයද පළමු ටෙස්ට් තරගය පැවති හරාරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නමුදු එහිදී වෙනත් තණතිල්ලක් යොදාගනු ඇති.

කායික ආබාධයට ලක්වූ දිනේෂ් චන්දිමාල් ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණ ඇති අතර, සියලූම ක්‍රීඩකයන් අද සන්ධ්‍යාවේ පුහුණු කටයුතුවලට එක්වනු ඇති බවයි ශ්‍රී ලංකා පිලේ කළමනාකරු අසන්ත ද මෙල් පවසා ඇත්තේ.