General02 April 2018

කටුනායකින් ඩුබායි ගිය යානයට මත්තලදී සිදුවූ දේ

කටුනායක ගුවන් තොටුපළේ සිට මත්තල ගුවන් තොටුපළ හරහා ඩුබායි යාමට පැමිණි ගුවන් යානයක් පක්ෂියෙකු ගැටීම නිසා මත්තල ගුවන් තොටුපළෙහි පැය 5කට ආසන්න කාලයක් නතර කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළේ සිට මගීන් 113 දෙනෙකු රැගෙන මත්තල ගුවන් තොටුපළට මෙම ගුවන් යානය පැමිණ ඇත්තේ තවත් මගීන් 55 දෙනෙකු රැගෙන යාම සඳහායි.

කෙසේ වෙතත්, එසේ පැමිණෙන අතරතුර අදාළ ගුවන් යානයෙහි පක්ෂියෙකු ගැටී ඇති බව සඳහන්.

අප වාර්තාකරු සඳහන් කළේ ගුවන් තොටුපළෙහි ප්‍රමාණවත් පරිදි පහසුකම් නොතිබීම නිසා මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටි බවයි.

Related recommendation
Hiru TV News | Programmes