General03 July 2019

සාෆිගේ සැත්කම් ගැන තවත් හෙළිදරව්වක්

වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් අවසරයකින් තොරව මව්වරුන් 11 දෙනෙකුට එල්.ආර්.ටී. සැත්කම් සිදුකර ඇති බව කුරණෑගල මහ රෝහල ඔහු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

මහාචාර්යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද සමඟ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එසේම, ඔහු විසින් එම රෝහලේදී සිසේරියන් සැත්කම් 4372 ක් සිදුකර ඇති අතර, සාමාන්‍ය දරු ප්‍රසූති 79 ක් පමණක් සිය සේවා කාලය තුළදී සිදුකර ඇති බවයි හෙලිව ඇත්තේ.

වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් මැයි මස 25 වැනිදා සිට ජුනි මස 22 වැනිදා දක්වා කාලය තුළ කුරුණෑගල රෝහලට පැමිණිලි 850 ක් ලැබී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes