General18 September 2020

දඹුල්ල කළුදිය පොකුණ,මහනුවර උසස් බාලිකා විද්‍යාලය යටතට පත්කරයි (ඡායාරූප)

පුරාවිද්‍යා භූමියක් ලෙස සැළකෙන දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා ස්මාරක භූමිය හෙවත් දක්ඛිණගිරි විහාරය, මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පවරා දී තිබෙනවා.

ඒ මහනුවර උසස් බාලිකා විදුහලේ ඉතිහාසය හා පුරාවිද්‍යා සංගමය කළ ඉල්ලීමක් අනුවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ "උරුමය තනි නොකරමු "යන්න වැඩසටහනට සමගාමීව අද (18) දඹුල්ල කලුදිය පොකුණ පුරාවිද්‍යා භූමියේ දී මෙලෙස එම භුමිය පවරා දී ඇති බව සඳහන්.

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට දැයේ දරුවන් යොමු කරවිම සහ ශිෂ්‍යාවන්ගේ දැනුම වර්ධනය කිරීම යනාදී  කරුණු රැසක් පදනම් කරගෙන එම භූමිය පවරා දුන් බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කථිකාචාර්ය විරාජ් බාලසූරිය ප්‍රකාශ කළේ.

එම අවස්ථාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පළමු වතාවට පාසලකට පුරාවිද්‍යා ස්ථානයක භාරකාරත්වය ලබා දීමේ සුවිශේෂී අවස්ථාව මෙය බව සඳහන්.

 












Related recommendation
Hiru TV News | Programmes