කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොරෝනා අවදානම් සහිත ග්‍රාම නිලධාරි වසම්වල සිටින අවුරුදු 30 ට වැඩි සියලුම පුද්ගලයින්ට මෙන්ම තාවකාලිකව පදිංචිව සිටින ජනතාවටද කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ග්‍රාමසේවා වසම් මට්ටමින් තොරතුරු රැස් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා දැනුම් දීමක් කර ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට එලෙස තොරතුරු රැස් කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.
මේ අතර, අද සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කය තුල එන්නත්කරණ සේවා වලින් ඉවත්වීමට ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එහි සභාපති සමින්ද සමරදිවාකර හිරු ප්රවෘත්තී අංශයට කියා සිටියේ එන්නත් ලබාදීම සඳහා යොදාගැනෙන මධ්‍යස්ථාන ප්‍රමාණය අද සිට අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති තීරණයට එරෙහිව එම පියවරට එළැඹුණු බවයි.
මේ අතර, ඊයේ ආසාදිතයින් 497 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 82,430 දක්වා ඉහළ ගියා.
ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 78,314 ක්.
දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 4,341 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කොරෝනා ආසාදිතව සිටි තවත් 664 දෙනෙකු ඊයේ දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණා.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 77,625 ක් බවයි.
එමෙන්ම, තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 464 දක්වා ඉහළ ගියා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නවදගල ප්‍රදේශයේ 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, නාරාහේන්පිට ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙකු, කොළඹ 9 ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු සහ වේයන්ගොඩ ප්‍රදේශයේ 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
කොරෝනා වෛරසය විනාශ කිරීමේ හැකියාවෙන් යුත් ප්‍රථම මුව ආවරණ තොගය ඊයේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ප්රදානය කර තිබෙනවා.
නැනෝ තාක්ෂණයෙන් වෛරසය නසන මුව ආවරණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සිදුකළ නිර්මාණයක්.

Latest News
මාලිමා ආණ්ඩුව නිසා අද ජනතාවට තුන්වේල කන්න බැරි තත්ත්වයක් උදාවෙලා - නාමල් රාජපක්ෂ
Local
16 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.22ක් ලෙස සටහන් වෙයි
Local
16 June 2026
බ්ලුමැන්ඩල් සංඛ සහ මෝදර නිපුණගේ සහෝදරයා රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Local
16 June 2026
බංග්ලාදේශ මහ කොමසාරිස් සහ බෙල්ජියම් තානාපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
Local
16 June 2026
රන් මිල සතියක් තුළ රුපියල් 16,000කින් ඉහළට
Local
16 June 2026
ඉන්දුනීසියාවේ සුලවේසි දූපත්වල භූ කම්පනයක්
Local
16 June 2026
යෝෂිත රාජපක්ෂ අභියාචනාධිකරණයට පැමිණෙයි
Local
16 June 2026
රුමේෂ් තරංග තවත් බලාපොරොත්තුවක් සමග අදත් හෙල්ල අතට ගනී
Local
16 June 2026
නිෂ්පාදන හා සේවා අංශ වර්ධනය වෙද්දී සේවා නියුක්තිය පහළට
Local
16 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වීමේ බලාපොරොත්තුව මැද ලෝක තෙල් මිල පහළට: අමෙරිකානුවන්ට සහන ලැබීමට තවත් මාස කිහිපයක්!
Local
16 June 2026