General07 May 2021

සිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

කොරෝනා ව්‍යෘප්තිය පාලනය වෙනුවෙන් චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව එළැඹෙන සතියේ සිට එම එන්නත මෙරට ජනතාවට ලබාදීමට නියමිතයි.

මේ අතර චීනයෙන් මෙරටට ලැබුණු සයිනොෆාම් එන්නත්, ආසාදිතයින් බහුල ප්‍රදේශ තෝරා ගෙන ලබන සතියේ සිට ජනතාවට ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes