General04 October 2021

සිංහරාජ රක්ෂිතයෙන් කැපූ සුදු හඳුන් හා වල්ලපට්ටා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

විදෙස් රටවලට අපනයනය කිරීම සඳහා සිංහරාජ රක්ෂිතයෙන් නීතිවිරෝධීව කපන ලද සුදු හඳුන් සහ වල්ලපට්ටා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සුදු හඳුන් සහ වල්ලපට්ටා කපා ගබඩා කර සුවඳ විලවුන් හා ඖෂධ නිපදවීම සඳහා නීතිවිරෝධීව මැදපෙරදිග රටවලට අපනයනය කරන බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු හක්මන පහළ පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

කිලෝග්‍රෑම් 341ක් වූ වල්ලපට්ටා කොට සහ කුඩු වලට අමතරව, ඔහු සතුව තිබී සුදුහඳුන් කුඩු කිලෝග්‍රෑම් 300 ක් ද සොයා ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

Related Recommends
Hiru TV News | Programmes