කුසිනාරා හෙවත් කුෂිනගර් ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කිරීම සංකේතවත් කරමින් පළමු ජාත්‍යන්තර ගුවන් යානය මහා සංඝරත්නය 95 නමක් සමඟ අද අලුයම පිටත්ව ගියා.
කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද නිල වශයෙන් විවෘත කෙරෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.
කටුනායක ගුවන් තොටුපොළ හිරු වාර්තාකරු සදහන් කළේ, අලුයම 5.30ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1147 දරන ගුවන් යානය මෙලෙස භික්ෂූන් වහන්සේලා ඇතුළු මඟීන් 111 දෙනෙකු සමඟ දිවයිනෙන් පිටත්ව ගිය බවයි.
මෙම අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී,වී. චානක සහ සිසිර ජයකොඩි ද එක්ව සිටියා.
කුෂිනගර් වෙත පළමු ගුවන් ගමන සිදු කෙරුණු අවස්ථාවේදී එහි සිටි පිරිසට සුබ පැතීම සදහා මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ද එක්වුණා.
සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාවේ වන්දනා ගමන් වෙනුවෙන් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව හිමිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පසුගිය වසරේ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.
100 කට අධික මහා සංඝ රත්නය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිළිගැනීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළා.
ශ්‍රී ලංකා දූත පිරිස වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් කුසිනාරාවේ සංවිධාන කර ඇති බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ.
මේ අතර මෙම සංචාරයට එක්වන අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි අනුනාහිමියන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණගැසුණා.
මුහුදු මට්ටමින් අඩි 261ක උසකින් පිහිටා ඇති කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එක් ධාවන පථයකින් යුක්ත වන අතර, බෝයිං 737 වර්ගයේ ගුවන් යානාද ගොඩබැස්විය හැකි අයුරින් නිර්මාණය කර තිබෙනවා.
එය ඉන්දියාවේ 29 වන ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි.
මෙය විවෘත කිරීමත් සමඟ බෞද්ධ බැතිමතුන්ට නවදිල්ලිය හරහා නොගොස් ඍජුවම කුසිනාරාව වෙත ළඟාවීමට ඉඩ සැළසෙනවා.

Latest News
අපි පාසල් උත්සවවලට යන්නේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න - මාලිමා මන්ත්‍රී
Local
14 June 2026
අපි පාසල් උත්සවවලට යන්නේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න - මාලිමා මන්ත්‍රී
Local
13 June 2026
ගෝලීය අර්බුද හමුවේත් ඉන්දියාව පෙරට: 7.7%ක ආර්ථික වර්ධනයක් සමඟ ලොව වේගවත්ම ප්‍රධාන ආර්ථිකය ලෙස ස්ථාවර වෙයි
Local
13 June 2026
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Local
13 June 2026
ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි
Local
13 June 2026
පාසල් රග්බි: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා තර්ස්ටන් විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: සාන්ත තෝමස් විද්‍යාලය පරදා ආනන්ද විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: රාජකීය විද්‍යාලය පරදවා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
13 June 2026
රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද
Local
13 June 2026