කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග දිවයිනේ සියලුම පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම විද්‍යාපීඨ සඳහා ද තාවකාලික නිවාඩු ලබාදීමක් 2020 වර්ෂයේ දී සිදු කෙරුණේ, ඒ වනවිටත් රට තුළ පැවති අයහපත් සහ අර්බුදකාරි සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන්.
මෙලෙස වසා දැමුණු පාසල්, විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සඳහා වරින්වර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිසුන් සඳහා විවෘත වුව ද, විද්‍යාපීඨ සිසුන් සඳහා ඒ අවස්ථාව හිමි නොවුණේ, ඔවුන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අඛණ්ඩව සිය අධ්‍යයන කටයුතු මෙන්ම ගුරු පුහුණුව ද සිදු කළ බැවින්.
එහෙත්, කොවිඩ් 19 වසංගත තත්ත්වය යම් තරමකට පාලනය කෙරුණු මේ මොහොතේ දී රට තුළ පාසල් විවෘත ව ඇති අතර, විශ්වවිද්‍යාල ද එළඹෙන ජනවාරි මස 15 වැනි දින යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට අවසර හිමි වුණා.
මෙම අවසරය දිවයිනේ සියලුම විද්‍යාපීඨ සිසුන් වෙත ද හිමි වුණ ද, ඔවුන් කිසිවෙකුටත් යළි තම සුපුරුදු අධ්‍යයන කටයුතුවලට යමින් අනාගත හීන වෙත ගමන් කිරීමේ කිසියම් බාධාකයක් මේ වනවිට එල්ල වී ඇති අයුරු දක්නට පුලුවන්.
එම සිසුන් හට විද්‍යාපීඨ වසා දැමුණ ද සිය අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරුණු ද, ඔවුන් පාසලක ඉගැන්වීමට තරම් සුදුසු විය යුතු සහ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු තෙවැනි වසරේ සීමාවාසික පුහුණුව ඔවුන්ට මෙතෙක් ලැබී නැහැ.
එය ලැබීමට නියමිතව තිබුණේ, 2021 ඔක්තෝම්බර් මස 24 දින සිට වුවත්, එය තවදුරටත් පමා වන්නේ, විද්‍යාපීඨ ශිෂ්‍ය නේවාසිකාගාර කොවිඩ් මර්දන වැඩපිළිවෙළ යටතේ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යුද හමුදාව වෙත හා කොවිඩ් මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැවරීමත් සමගයි.
මෙවන් තත්ත්වයක් තුළ ඒ වනවිට නිවාඩු ලබා නිවෙස්ගත ව සිටි විද්‍යාපීඨවල අධ්‍යයනය ලබන ශිෂ්‍ය නේවාසිකාගාර හිමි සිසුන් හට යළි තම අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය, පොත්පත් හෝ කිසිවක් ලබා ගැනීමට විද්‍යාපීඨ භූමියට පැමිණීමට පාලනාධිකාරියෙන් එකළ කිසිදු අවසරයක් හිමි වන්නේ නැහැ.
එහෙත්, නව වසර උදාවත් සමග දිවයිනේ සියලුම ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්‍ර යළි අළු ගසා නැගිටින මොහොතක, විද්‍යාපීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් හට ද දිවයිනේ විද්‍යාපීඨ පාලනාධිකාරියෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලබන්නේ, ජනවාරි 15 වැනිදා සිට යළි විද්‍යාපීඨ වෙත පැමිණෙන ලෙසය.
නමුත් ගැටලුව ඇත්තේ, පුරා දෙවසරකට ආසන්න කාලයක් නිවෙස්ගත ව අධ්‍යාපන ලැබූ මෙම සිසුන් හට පාලනාධිකාරිය මගින් දැනුම් දී ඇති ක්‍රියාවලියයි.
එනම්, විද්‍යාපීඨ ශිෂ්‍යයින්ගේ නේවාසිකාගාරවල ඔවුන් සතු වූ පෞද්ගලික පොත්පත් මෙන්ම බඩුබාහිරාදිය කිසිවක් මේ වන විට දකින්නට නැහැ.
දකින්නට ඇති ඒවා ද යළි භාවිත කිරීමට හැකි තත්ත්වයක නැහැ.
ඊට හේතු වී ඇත්තේ, නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධානයට ලක් වූවන් විසින් විද්‍යාපීඨ ශිෂ්‍යයින්ගේ සියලුම බඩු බාහිරාදිය ඇතැම් විට සොරකම් කරගෙන ගොස් නැතහොත් විනාශ කොට අවසන් ය.
කොටින්ම කිවහොත්, ඔවුන්ගේ ශිෂ්‍ය නේවාසිකාගාර දෙස බැලීම පවා පිළිකුල්සහගත තත්ත්වයකට පත් ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙවන් අවස්ථාවක දී විද්‍යාපීඨ පාලනාධිකාරිය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිසුන් සහ දෙමව්පියන්ගේ ප්‍රශ්න සුළුකොට තැකීමක් කර ඇති බව පෙනෙන්නට ඇත්තේ, මේ සියල්ල සිදුවන තෙක් ඇස් කන් පියා සිටි බලධාරීන් දැන් මේ සියළු අඩුපාඩු වල බරපැන සිසුන්ගේ කර පිට පැටවීමට දරන උත් උත්සාහය නිසාවෙන්.
සිය නේවාසිකාගාර නිරෝධායන මධ්‍යස්ථාන සඳහා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ලබා දුන්නේ නම්, සිය බඩුබාහිරාදියෙහි පූර්ණ රැකවරණය සම්බන්ධයෙන් පාලනාධිකාරිය වගකිව යුතු වුවද එවැන්නක් සිදුවී වී නොමැති බවට සිසුන් චෝදනා කරනවා.
මේ වන විට විද්‍යාපීඨ ශිෂ්‍ය ප්‍රජාවට පාලනාධිකාරිය විසින් දැනුම් දී ඇත්තේ, එළඹෙන ජනවාරි 15 වැනි දින යළි විද්‍යාපීඨ ශිෂ්‍ය නේවාසිකාගාර වෙත මාස තුනක අධ්‍යයන කාලයක් සම්පූර්ණ කිරීමට පැමිණෙන විට පළමු වසරේ මෙන් සියලුම බඩු බාහිරාදිය,පොත්පත් අලුතෙන් මිල දී ගෙන පැමිණෙන ලෙසයි.
විද්‍යාපීඨ ශිෂ්‍යයින් මේ වනවිට පත්ව ඇත්තේ දැඩි අර්බුදකාරි තත්ත්වයකටය.
එනම්, විද්‍යාපීඨ පාලනාධිකාරිය විසින් ගෙන ආ යුතු බඩු ලැයිස්තුවක් නවක ශිෂ්‍යයින්ට මෙන් යළි පරණ සිසුන් වෙත ද එවා තිබීමය.
එම රැගෙන ආ යුතු භාණ්ඩ ලැයිස්තුවේ දළ වියදම පමණක් රුපියල් 40.000.00 ආසන්න බව විද්‍යාපීඨ ශිෂ්‍ය ප්‍රජාව මෙන් ම දෙමව්පියන් ද මැසවිලි නගනවා.
රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව කිසිවෙකුටත් මෙම කාලවකවානුවේ විසි කරන්නට තරම් සල්ලි හෝ වත්කම් නැති අතර මෙම විද්‍යාපීඨ පාලනාධිකාරියේ නොසැලකිලිමත් පාලනය හේතුවෙන් ශිෂ්‍යයින් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.
හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටීමක් වැනි වූ මෙම තීන්දුව පිලිබඳ විද්‍යාපීඨ සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරින්ට සිය දුක් ගැනවිලි ලිඛිතව දැනුම් දී තිබෙනවා.
එහෙත් ඒ පිළිබඳ ව ඔවුන්ට මෙතෙක් පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලැබී නැති පසුබිමක් යටතේ තවත් සිව් දිනකින් කුමන ආකාරයකින් හෝ මුදල් සොයාගෙන ජෛව බුබුලෙහි තුන් මසක් ගත කරමින් අධ්‍යයනයන් සිදු කිරීමට ඔවුන් යා යුතුව තිබෙනවා.
දිවයිනේ සියලුම විද්‍යාපීඨ ශිෂ්‍ය ප්‍රජාව මේ වනවිට මුහුණ දී ඇති මෙම අර්බුදකාරි තත්ත්වය පිළිබඳ, බලධාරීන් දෑස් කන් වසා ගත්තවුන් සේ මුනිවත රකින්නේ අනාගතයේ දෙවියන්ට සම වන උතුම් සේවයකට හීන දකින ගුරු වෘත්තියට එළඹීමට හීන දකින ශිෂ්‍යයින්ගේ බලාපොරොත්තු බිල්ලට තබා නොවේද?
එබැවින් මෙම ගැටලු වහාම විසඳීමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු සෙසු වගකිව යුතු බලධාරි, නිලධාරින්ගේ දෑස් විවර වනු ඇතැයි හිරු ප්රවෘත්ති අපි විමසිල්ලෙන්...
විශේෂ අවධානයට:- බලධාරින් වෙත ගැටලු සම්බන්ධයෙන් දන්වා යවන ලද ශිෂ්‍ය ඉල්ලීම් අඩංගු ලියවිලි ද මෙහි අමුණා ඇත.
එම ලිපිය මෙතැනින්

Latest News
ඉන්දියාවේ ටෙලිග්‍රෑම් තහනම ස්ථිරයි - රජයේ ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල බවට දිල්ලි මහාධිකරණය තීන්දු කරයි
Local
19 June 2026
කලින් ලාභයි, දැන් අලාභයි: සීනි කඩේ ආර්ථික දායකත්වය රු බිලියන 11ක් - නි. ඇමති චතුරංග
Local
19 June 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්
Local
19 June 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා
Local
19 June 2026
දූෂණ චෝදනා මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
Local
19 June 2026
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මුද්‍රාව සහ රාජ්‍ය ආයතන මුද්‍රා කූඨ ලෙස සැකසූ තිදෙනෙක් ජුලි 03 දක්වා රිමාන්ඩ්
Local
19 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් - අධිකරණ වෛද්‍ය නිලධාරීට සහ රස පරීක්ෂකට නොතීසි
Local
19 June 2026
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සම ජූලි 20 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
19 June 2026
පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්
Local
19 June 2026
නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට
Local
19 June 2026