පසුගිය වසරේ නොවැම්බර් මස 07 වැනි දින කුඩාවැල්ල ධීවර වරායෙන් සත් දෙනෙකුගෙන් සමන්විත බහුදින ධීවර වරායක් සිය ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
එම බහුදින ධීවර යාත්‍රාව නම්කර තිබුණේ 'උවින් 01' යනුවෙන්.
කෙසේවෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපල වත්කම් විමර්ශන කොට්ඨාසයට මෙම බහුදින ධීවර යාත්‍රාව පිළිබඳ ලද බුද්ධි අංශ තොරතුරක් මත සිදු කරන ලද වැටලීමක දී ඔවුන් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට මෙරටට රැගෙන ආ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 300ක තොගයක් සොයා ගැනීමට සමත් වනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කටයුතු සිදු කෙරුණු අතර, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවිධාකරයෙන් මෙම සිදුවීමට සම්බන්ධ තොරතුරු ගණනාවක් අනාවරණ කර ගැනීමට හැකියාව ලැබුණා.
උවින් 01 නමැති බහුදින ධීවර යාත්‍රාව මේ අයුරින් සිය ධීවර කටයුතු සඳහා ගැඹුරු මුහුදු ප්‍රදේශය වෙත ගොස් එතනින් දේශ සීමා උල්ලංඝනය කොට, මාලදිවයිනෙන් එහා පිහිටි ඉරාන මුහුදු සීමාවෙන් අදාළ මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගොඩබිමට ඒවා රැගෙන එන බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
මෙලෙස ගෙනෙන මත්ද්‍රව්‍ය තොගය ගාල්ල - බද්දේගම පොලිස් වසමේ ගෝනාපීනුවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නිරත වන නිරාෂ් චානක නමැත්තෙකුට ලබා දෙන්නේ,කුඩාවැල්ල - නාකුළුගමුව ප්‍රදේශයේ පිහිටි ධීවරයෙකුගේ නිවසෙහි තබමින්.
මෙලෙස වැටලීමට පෙර ගෙනෙන ලද මත්ද්‍රව්‍ය තොගය එම ධීවරයාගේ නිවසෙහි තබා නිරාෂ් චානක නමැත්තා වෙත භාරදීම සිදු කරන අතර, අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙනවිත් භාරදීම වෙනුවෙන් අදාළ ධීවර කණ්ඩායමට රුපියල් කෝටි 02ක මුදලක් ඒ වෙනුවෙන් ලබා දී තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවීමේ මහ මොළකරු මේ වනවිට මැදපෙරදිග රාජ්‍යයක් වන ඩුබායි හි වෙසෙන සහන් සඳරුවන් නමැත්තෙකුගේ වන අතර, ඔහු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය ඩුබායි සිට කෝටි 02ක් නිරාෂ් චානක නමැත්තාට ගෙවීමෙන් මෙරටට එවන බවයි වාර්තා වන්නේ.
එහිදී නිරාෂ් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙම මත්ද්‍රව්‍ය රට පුරා බෙදාහැරීම සඳහා උමේෂාන් නමැත්තෙකුට භාරදෙන බවට ද හෙළි වී තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක තොගය පසුගිය දෙසැම්බර් 17 වැනි දින කුඩාවැල්ලෙන් මෙරටට එන අතර, ඒ සඳහා උපරිම ආරක්ෂාව ලබාදෙමින් සහාය සැපයූ නිරාෂ් නමැත්තාගේ මාමා වූ ඥාතියෙකුට අයත් සුපිරි නවාතැන් පහසුකම් ලබාදෙන ලැඟුම්හලක් වන ' DOWNSOUTH CABANA' හි අතිවිශාල හෝටලයක් ගොඩනගමින්, අදාළ මත්ද්‍රව්‍ය තොගය සූක්ෂ්ම අයුරින් ආරක්ෂා කර ගැනීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමත් වී ඇති බවට වාර්තා වනවා.
ඒ අනුව විශේෂ කාර් ය බලකාය විසින් මෙම හෝටලය වටලා ලැගුම්හලෙහි හිමිකරු වන කේ.ටී.ජයතිලක නමැත්තා ඇතුළු පිරිස අත් අඩංගුවට ගත් අතර, එම අවස්ථාවේ දී නිරාෂ් චානක නමැත්තා පලා ගොස් තිබෙනවා.
එහිදී නිරාෂ් චානක නමැති මත්ද්‍රව්‍ය අපරාධකරුගේ පියා වන හිටපු මරණ පරීක්ෂකවරයෙකු වන නිහාල් සිසිර වෛද්‍යසේකරව ද පොලිස් අත්අඩංගුවට ගැනුණේ, රුපියල් කෝටි එකහමාරකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමගින්.
එමෙන්ම, ලැගුම්හල අයත් හිමිකරු පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී රුපියල් 50,000ක්, හෙරොයින් ග්‍රෑම් 20ක්, ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයන ලද මුදල් බෙදාහැරීමට භාවිත කළ වාහන ද මෙහිදී සොයා ගැනුණා.
මෙම සිද්ධියට අදාළ පළමු නඩු විභාගය මෙම මස 07 වැනි දින ගාල්ල මහාධිකරණයේ දී පැවැත්වුණු අතර, අධිකරණ විනිසුරුවරයා කටයුතු කළේ, අදාළ ලැගුම්හල සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමටයි.
එමෙන්ම, මෙරටට ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් මත්ද්‍රව්‍ය රැගෙන ආ ධීවර කණ්ඩායමේ ස්කිපර් නමැති තනතුර දරන පුද්ගලයා සන්තකයේ තිබී රත්ත්‍රන් ග්‍රෑම් 375ක් ද සොයා ගැනුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපල වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා.
මේ අතර 2021 වසරේ දෙසැම්බර් 03 වැනි දින පුත්තලමේ දී පියෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනාව පොලිස් අත් අඩංගුවට ගැනුණා.
මෙලෙස අත් අඩංගුවට ගැනුණේ, පුත්තලම නගරයේ පදිංචි මොහොමඩ් අබුසාලි අලි සහ ඔහුගේ පුතුන් දෙපලයි.
කාලයකට පෙර කටාර් දේශයේ රියදුරු තනතුරක් සඳහා සේවයට ගිය මොහොමඩ් සෆාන් නමැත්තා විසින් එරට සිට එවන ලද හෙරොයින් මොහොමඩ් අබුසාලි සහ ඔහුගේ පුතුන් විසින් අලෙවි කර ඇති අතර, මොහොමඩ් අබුසාලි නමැත්තා පුත්තලම නගර සභාවේ සුළු සේවකයෙකු බවට ද හෙළි වී තිබෙනවා.
මත්ද්‍රව්‍ය විකුණා ලබාගත් මුදලින් එම ප්‍රදේශයේ අක්කර 50කට අධික ඉඩම් කොටසක් මිල දී ගෙන ඇති බවත්, මෙම සැකකරුවන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී අනාවරණ වුණා.
අත් අඩංගුවට ගැනීමේ දී ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 80ක් වටිනා ඩොල්ෆීන් වර්ගයේ වෑන් රථයක් සහ කුඩා ලොරි රථයක් ද භාරයට ගැනුණා.
සැකකරුවන් පසුගිය 03 වැනි දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, ඊට පසුදින (04) පුත්තලම මහාධිකරණය විසින් ඔවුන් වෙත තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව අධිකරණය විසින් නියෝග කළේ අදාළ සැකකරුවන් පෙබරවාරි මස 24 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

Latest News
ගෝලීය අර්බුද හමුවේත් ඉන්දියාව පෙරට: 7.7%ක ආර්ථික වර්ධනයක් සමඟ ලොව වේගවත්ම ප්‍රධාන ආර්ථිකය ලෙස ස්ථාවර වෙයි
Local
13 June 2026
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Local
13 June 2026
ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි
Local
13 June 2026
පාසල් රග්බි: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා තර්ස්ටන් විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: සාන්ත තෝමස් විද්‍යාලය පරදා ආනන්ද විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: රාජකීය විද්‍යාලය පරදවා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
13 June 2026
රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද
Local
13 June 2026
"නීතිය හදලා දුන්නොත් පළාත් සභා ඡන්දෙ පවත්වනවා" - ඇමති නලින්ද
Local
13 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ අවසන් අදියරට - පාකිස්ථාන අගමැතිගෙන් හෙළිදරව්වක්
Local
13 June 2026