General29 April 2022

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මිලියන 100ක වන්දියක් ඉල්ලයි

පොලීසිය තමන්ව අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගැනීමට එරෙහිව රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති අතර, පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයා විවේචනය කළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තැබීමට කටයුතු කළ බවයි.

මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා මීට සති තුනකට ඉහත දී පොලීසිය විසින් පැහැරගෙන ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පුවත් සංසරණය වුණා.

නමුත් එදිනම හිරු ප්‍රවෘත්ති විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුවගෙන් සිදු කළ විමසීමක දී ඔහු කියා සිටියේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය ප්‍රකාරව මෝදර පොලීසිය විසින් අනුරුද්ධ බණ්ඩාරව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම තරුණයා විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි රජය විවේචනය කරමින් අදහස් පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙනුයි ඔහුව අත් අඩංගුවට ගැනුණේ.

Related recommendation
Hiru TV News | Programmes