General14 July 2022

පොල්දූවේ විරෝධතා අතරතුර යුද හමුදා සෙබලෙකුගේ ගිනි අවියක් හා ජීව උණ්ඩ 60ක් පැහැර ගැනෙයි - පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල (වීඩියෝ)

ඊයේ රාත්‍රී කාලයේ රාත්‍රී කාලයේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල අසල විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්වලදී යුද හමුදා සෙබලෙක් සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසනවා.

මේ අතරින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සිට නාරාහේන්පිට පොලිස් රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී විරෝධතාකරුවන්ට මැදි වූ යුධ හමුදා සෙබළකු ද දැඩි ලෙස පහර කෑමට ලක්ව ඇති අතර ඔහු සතුව තිබූ ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ හැටක් ඇතුලත් පතරොම් ගැබ් දෙකක් විරෝධතාකරුවන් විසින් පැහැරගෙන ඇති බවත් වාර්තාවනවා.

මෙම හමුදා සෙබලා වැල්ලවාය හමුදා කඳවුරට අනුයුක්ත සෙබළකු බවයි පොලිස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර ඊයේ පැවති ගැටුම් හේතුවෙන් මේ වන විට පිරිමි පුද්ගලයන් පුද්ගලයින් හැත්තෑ නවයක් සහ කාන්තාවන් පස්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මීට අමතරව කොළඹ ජාතික රෝහල පවසන්නේ මෙම ගැටුම් හේතුවෙන් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු සහ යුද හමුදාවේ එක් සෙබලෙකු සහ ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පහර දීම්වලින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නා බවයි.

Related recommendation
Hiru TV News | Programmes