General13 September 2022

අන්තරේ වසන්ත වෙනුවෙන් වන්නිල ඇත්තන්ගෙන් ඉල්ලීමක් (වීඩියෝ)

තංගල්ල මධ්‍යම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට නිදහසට ලබාදෙන ලෙස, ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

වසන්ත මුදලිගේ සහ අරගලයේ සෙසු ක්‍රියාකාරින් දෙදෙනෙකු වන හෂාන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පසුගියදා පොලීසියට අවසර හිමිවුණා.

මේ අතර, සර්ව පාක්ෂික අරගලකරුවෝ සංවිධානය අද මැතිවරණ කොමිසම වෙත පැමිණියා.

ඒ එම සංවිධානය, පක්ෂයක් ලෙස නම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

Related recommendation
Hiru TV News | Programmes