ආහාරය සඳහා කලටි පොල්මද රැගෙන ආ සිසුවියක පිළිබඳව අද මිනුවන්ගොඩ පාසලකින් වාර්තා වුණා.
පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන් මුහුණ දෙන අපහසුතා අනන්ත බව සැගවීමට කරුණක් නොවේ.
කුසගින්න නිසා පාසලේ බුද්ධ පූජාව ආහාරයට ගත් දරුවන් දෙදෙනෙකු ගැන මෙන්ම, මිරිස් කුඩු පමණක් ඉස බත් ආහාරයට ගත් සිසුවියක පිළිබද තොරතුරු වාර්තා වී තවම වැඩි දිනක් ගතවී නැහැ.
එවන් වටපිටාවක් තුළ පාසල් දිවා ආහාරයට කළටි පොල් මද රැගෙන ආ සිසුවියක් පිළිබඳව තොරතුරු මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ ද්වීතියික පාසලකින් වාර්තා වනවා.
පාසලේ ශිෂ්‍ය නායිකාවක් ද වන ඇය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇයගේ පියා කුලී රැකියාවක නිරතවන බව සඳහන්.
ඊයේ පාසල් දිවා ආහාර කාලය තුළ මෙම සිසුවිය මිතුරියන් සමඟ එක්ව කළටි පොල් මද ආහාරයට ලබා ගන්නා ආකාරය දැක ඇත්තේ පන්තිභාර ගුරුතුමිය විසින්.
පසුව එම ගුරුතුමිය පාසලේ අනෙකුත් ගුරුභවතුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර පාසලේ සිටින එවැනි ළමුන් කිහිප දෙනෙකුට ආහාර සපයා දීමටද කටයුතු කර තිබෙනවා.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි දෙමාපියන් රැසකගේ දරුවන් පැමිණෙන්නේ මෙම කනිෂ්ඨ ද්වීතියික පාසල වෙතයි.
මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය සඳහා ඉගෙනුම ලබන දරුවන්ට දිවා ආහාරය ලබා දිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වනවා.
ඒ අනුව ඊයේ එම පාසලේ සිසුන්ට දිවා ආහාරය සඳහා බත් සමඟ පරිප්පු ලබා දි ඇති අතර පසුව පරිප්පු අවසන් විම නිසා 3 ශ්‍රේනියේ දරුවන්ට බත් පමණක් ආහාරයට ලබා දි ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.
මේ අතර සිය රෝහලට පැමිණෙන මන්දපෝෂණය සහ අධි කෘෂභාවය සහිත ළමුන්ගේ ඉහළයාමක් වාර්තාවන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න සඳහන් කළා.
එසේම රට මුහුණ දි ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් ළමා මන්දපෝෂණයේ වැඩීවීමක් අපේක්ෂා කරන බව මාතෘ හා ළමා සෞඛ්‍ය, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ප්‍රකාශ කළා.

Latest News
ජපාන අකෙබොනෝ නෞකාව දිවයිනට
Local
29 October 2025
රමේෂ් නිශාන් මිනෝද් සධීර දස්කම් අතරට : Hayleys කණ්ඩායම අවසන් මහා තරගයට
Local
29 October 2025
E වීසා විගණන මතභේදය ගැන VFS ගෝලීය සමාගමෙන් පැහැදිලි කිරීමක්
Local
29 October 2025
2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රකෘතියක් අපේක්ෂා කරනවා - IMF
Local
29 October 2025
වැලිගම වෙඩික්කරුගේ පෙර වැරදි සොයා විමර්ශන
Local
29 October 2025
අත් බෝම්බයක් පිපිරී යුද හමුදා සෙබළුන් තිදෙනෙකුට තුවාල
Local
29 October 2025
රනිල් අධිකරණයට පැමිණෙයි
Local
29 October 2025
දකුණු කොරියාවේ ඉහළම ගෞරව සම්මානය ට්‍රම්ප්ට - උසම ඔටුන්නත් තෑගි
Local
29 October 2025
ඉන්දියාවේ ප්‍රදානවලින් නැගෙනහිර ව්‍යාපෘති 33ක්
Local
29 October 2025
මන්ත්‍රී මනුවර්ණට වරෙන්තු
Local
29 October 2025