General22 October 2022

වර්ෂාවත් සමග ජලාශ හා වැව් බැමි පුපුරා යාමේ අවදානමක් (වීඩියෝ)

පවතින අධික වර්ෂාවත් සමග දිවයින පුරා ඇති ජලාශ හා වැව් බැමි පුපුරා යාමේ අවදානමක් මතුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න ප්‍රකාශ කළා.

මේ අතර, කුලියාපිටිය - ඒදණ්ඩාවිල ඇල හරහා ඇති සපත්තු පාලමකින් ගමන් කිරීමට ගිය පුද්ගලයෙකු සැඩපහරකට හසුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෑන් රථයකින් පැමිණි අදාළ පුද්ගලයා සපත්තු පාලම හරහා වෑන් රථය ධාවනය කිරීමට පෙර ජල මට්ටම පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේයි මෙම අනතුරට මුහුණදී ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes