General06 December 2022

තිළිණිට බන්ධනාගාරය තුළ හරි කරදර ලු - මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කොට සිටින සිටින තිලිණි ප්‍රියමාලිට බන්ධනාගාරය තුළ අමානුෂික සැලකිලි සිදුවනවා යැයි පවසමින් ඇගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (06) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

අදාල පැමිණිල්ල මගින් ඇගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පෙන්වා දෙන්නේ, ඇයට බන්ධනාගාරය තුළ දී ශාරික හා මාසික හිසනයන්ට ද ගොදුරු වන බවයි.

ඊයේ (05) රාත්‍රියේ සැකකාර තිළිණි ප්‍රියමාලිව රඳවා සිටින සිර කුටියට පැමිණි බන්ධානාගාර නිලධාරිනියන් විසින් ඇයගේ ඇඳුම් උණා දමන ලෙස අණ කර ඇති බවත්, සැකකාරිය විසින් යම් දෙයක් රහසේ සඟවා සිටින බව නිරීක්ෂණය සඳහා විදුලි පන්දම් ආලෝකය නිකුත් කර ඇති බවත්, අදාල අවස්ථාවේ දී ඇය අපහසුතාවයට පත් වූ බවත් සැකකාරියගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

(සැකකාරියගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට බාර දුන් සම්පූර්ණ ලිපිය පහතින්)


Related recommendation
Hiru TV News | Programmes