General09 December 2022

ඉන්දියාව ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත් වීසා (e වීසා) නැවත ආරම්භ කරයි

ඉන්දියාව ශ්‍රී ලාංකිකයින් සඳහා විද්‍යුත් වීසා බලපත්‍ර ලබාදීම යළි ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට මේ අනුව පහසුවෙන් වීසා අයදුම් කළ හැකි බවයි.

සංචාර සඳහා, ව්‍යාපාර කටයුතු, සම්මන්ත්‍රණ සහ තවත් බොහෝ දේ සඳහා ඉන්දියාවට යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සඳහා මේ පහසුකම් විවෘත වන බවයි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ.

පහත දිගුව ඔස්සේ විද්‍යුත් වීසා (e වීසා) සඳහා ඔබට දැන් අයදුම් කළ හැකියි.

https://indianvisaonline.gov.in/evisa/tvoa.html
Related recommendation
Hiru TV News | Programmes