75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු වුණා.
සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද සමරු කාසිය මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවා.
සම්ප්‍රදායිව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය අද සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උපතැපැල් කාර්යාලවලින් අළෙවි කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ.
මේ හා සමගාමීව ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් මහනුවර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ මීගමුව ප්‍රදේශවල ස්ථාපිත කර ඇති විශේෂ මුද්දර කවුළු මගින් මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය මිල දී ගැනීමට අවස්ථාව සළසා තිබෙනවා.
75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙ.ව 9.00 සිට ප.ව 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බව යි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.
මේ අතර රුපියල් දහසක වටිනාකමකින් යුතු 75 වන නිදහස් දින සමරු කාසිය සංසරණය සඳහා නොවන අතර ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය මෙයයි.
“75” අංකය විශාල ඉලක්කමකින් සහ ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන සිටින ආකාරය කාසිය මධ්‍යයේ දැක්වෙන අතර කාසියේ ඉහළ දාරයේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “නිදහස් සැමරුම” ලෙස දැක්වෙන බවත් “1948 - 2023” වර්ෂ කාසියේ පහළ දාරයේ පරිධියේ දැක් වෙනවා.
මෙහි මුහුණත වටිනාකම “1000” විශාල ඉලක්කමින් කාසිය මධ්‍යයේ දැක්වෙන මෙහි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් “රුපියල්” යන වචන මුහුණත වටිනාකමට පහළින් දැක්වෙන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය මුහුණත අගයට ඉහළින් දැක්වෙනවා.
ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකා” යන වචන කාසියේ ඉහළ දාරයේ පරිධියේ දැක්වෙනවා.

Latest News
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Local
24 June 2026
බෝබුවල මනුෂ්‍ය ඝාතනය: වසර 20 කට පසු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම!
Local
24 June 2026
පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් 12 ක් අනිද්දා සිට වැසේ:
Local
24 June 2026
පලස්තීනයේ සෞඛ්‍ය පද්ධතිය බේරාගැනීමට ඉන්දියාවේ සහය පතා හදිසි ඉල්ලීමක්
Local
24 June 2026
ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 103 කින් සම්මත වෙයි
Local
24 June 2026
පක්ෂ උපදෙස් කඩ කළැයි තලවකැලේ ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙක් ධූරයෙන් ඉවතට
Local
24 June 2026
ගාල්ල චතූගේ නිවසට ගිනි තැබීම ගැන විමර්ශනයක්
Local
24 June 2026
පුස්තකාල කා:කා:ස තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත්තැයි පුද්ගලයෙක් රිමාන්ඩ්
Local
24 June 2026