General08 February 2023

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුව ඇත්තේ සයිනයිඩ් ශරීරගත වීමෙන් බවට විමර්ශන නිලාධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධ නඩුව අද අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවු අවස්ථාවේදියි.

මෙහිදී ෂාෆ්ටර් මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කියා සිටියේ මරණයට හේතුව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති වෛද්‍ය සාක්ෂි පරස්පර බවයි.

එකම වෛද්‍යවරයා අවස්ථා දෙකක දී මරණයට හේතු දෙකක් ඉදිරිපත් කර ඇති බව ඔහු අධිකරණය හමුවේ සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes