General15 April 2023

"New Year in Paradise 2023 උණවටුනේ දී (වීඩියෝ හා ඡායාරූප)

විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුදු අත්දැකීම් ලබාදෙන "New Year in Paradise 2023" පැවැත්වුණා.

ඒ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් උණවටුන මුහුදු තීරයේදීයි.

අද (15) පෙරවරුවේ මෙම අවුරුදු උත්සවය ආරම්භ වූයේ අලුත් අවුරුද්ද හා බැදුණ සංස්කෘති අංග රැසකින් වර්ණවත් කරමින්.

විදේශීය සංචාරකයින් වෙනුවෙන් වෙන් කර තිබූ අලුත් අවුරුදු කෑම මේසය, සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා.

විදේශිකයින් සදහා කණා මුට්ටිය බිඳීම, අලියාට ඇස තැබීම, ලිස්සන ගහ නැගීම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි තරග රැසක් සංවිධානය කර තිබූ අතර දේශීය නැටුම් හා බෙර වාදන සහිත සංස්කෘතිකාංග ද මෙහි සංවිධානය කර තිබීම ද විශේෂත්වයක්.



Related Recommends
Hiru TV News | Programmes