General21 April 2023

කසල ගොඩක් වී ඇති ආගමන විගමන පරිශ්‍රය (ඡායාරූප)

කොළඹ දිස්ත්‍රික්කයේ අතිශය කාර්යබහුල මෙන්ම සෑම දිනකම පාහේ ජනාකීර්ණ ස්වභාවයක් ගන්නා බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශය අවට කැලි කසල ගෙන යාම සම්බන්ධයෙන් විධිමත්  වැඩපිළිවෙලක් නොමැති බව හිරු ප්‍රවෘත්ති වෙත අනාවරණය වුණා.

මේ හේතුවෙන් ස්ථානයට පැමිණෙන ජනතාව මෙන්ම ප්‍රදේශවාසීන්ද බොහෝ අසීරු තාවයන්ට මුහුණපා ඇති බවයි දක්නට ලැබුණේ.

මෙම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අපට දැකගත හැකි වූයේ, එම පරිශ්‍රය පුරාවටම දින ගණනකින් ඉවත් කර නොමැති කැලි කසල විශාළ ප්‍රමාණයක් එක්රැස් වී තිබෙන අයුරු‍යි.

එහිදී අප කළ විමසීමකදී එම ස්ථානයේ සිටින ත්‍රී රෝද රථ රියදුරන් ද අදහස් දැක්වූයේ බලධාරියෙකු පැමිණෙන විට පමණක් කැලි කසල ඉවත් කරන බවයි.

මෙම කැලි කසල හේතුවෙන් එම පරිශ්‍රය ඉතාමත් අපිළිවළ ස්වභාවයක් උසුලන අතර ඉවතලන ප්ලාස්ටික් බෝතල්, නොදිරන පොලීතීන් කවර විශාල ප්‍රමාණයක් ද එක්රැස් වී තිබෙන බවත් ද නිරීක්ෂණය වුණා.


 
Related recommendation
Hiru TV News | Programmes